
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස්කොමිසම විසින් ගොණු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගයට කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ නඩුව කැඳවනු ලැබීය.
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ, සිය සේවාදායකයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ඔහුගේ ඛණිෂ්ඨ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙය 2015 වසරේ ගොනුකළ නඩුවක් බවත් එය විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසත් එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව, නඩු විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එහිදී සාක්ෂිකරුන්ට අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.
2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම වසරේ මාර්තු සහ අප්‍රේල් අතර කාලය තුළ පෞද්ගලික ජංගම දුරකතයේ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම එම චෝදනාව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart