
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය විසින් ඉරානයේ සිවිල් ප්‍රදේශවලට පහරදීම නිසා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල්-කමේනි ප්‍රසිද්ධ පණිවිඩයක් නිකුත් කරමින් එම සාපරාධී ක්‍රියාව හෙළාදැකිම සිදුකර ඇති අතර, ඊශ්‍රායල පාලනයේ ද්වේෂ සහගත ස්වභාවය හෙළිකර ඇත.
සියොන්වාදී ඊශ්‍රායල පාලනය මේ වෙනුවෙන් දැඩි දඬුවමක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු අතර, ඉරානයේ සන්නද්ධ හමුදාව එයට තීරණාත්මකව ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රහාරවලින් මියගිය ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර ඉරාන හමුදාවන්ට අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි, කටම් අල්-අන්බියා මධ්‍යම අණදෙන ප්‍රධානී මේජර් ජෙනරාල් ගොලමලි රෂීඩ් සහ සන්නද්ධ හමුදාවල සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් බගෙරි වේ.
ප්‍රහාරවලින් ඉස්ලාමීය අසාද් විශ්ව විද්‍යාලයේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥ සහ සභාපති ආචාර්ය මොහොමඩ් මෙහ්ඩි ටෙහෙරාන්චි ද මියගොස් ඇත.
ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ හිටපු ප්‍රධානියා වන ෆෙරෙයිඩූන් අබ්බාසි ද මියගොස් තිබේ.
ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් කාර්ය මණ්ඩලය සිය පළමු නිල ප්‍රකාශය නිකුත් කරමින්, මෙම ප්‍රහාරය නිර්ලජ්ජිත ආක්‍රමණයක් මෙන්ම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙළාදැකීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart