
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති කුලියාපිටිය සහ උඩුබද්දාව යන ප්‍රාදේශීය සභාවන්හී පාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.
එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සමගි ජන බලවේගය සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ඇතිව එම සභා පිහිටුවා ඇත.
ඊයේ (12) දින පැවති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණහි විජේසිරි ඒකනායක විසින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත්විය.
එහිදි, පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 21 ක්ද, සමගි ජන බලවේගය ආසන 09 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06 ක්ද, එක්සත් ජාතික පක්ෂය ආසන 04 ක්ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ආසන 02 ක්ද, සහ සර්වජන බලය ආසන 01 ක් දිනාගෙන තිබුණි.
මේ අතර, ඊයේ පැවති මැතිවරණයේදී උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිහාල් ජයසිංහ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.
එහිදි, පළාත් පාලන මැතිවරණයෙන් උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය ආසන 09ක්ද, සමගි ජන බලවේගය ආසන 06ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 03ක් සහ එක්සත් ජාතික පක්ෂය ආසන 01ක් දිනා ගෙන තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart