June 13, 2025

පාලක ජාතික ජන බලවේගය නම් කළ මන්ත්‍රීවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් හල්දුමුල්ල ප්‍රාදේශීය සභාවේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් පවසයි.

ඔහු චෝදනා කළේ එම මන්ත්‍රීවරුන් දෙදෙනාට ජාතික ජනබලවේගය හා එක්වීම වීම සඳහා මුදල් ත්‍යාග පිරිනමා ඇති බවයි.

“ජාතික ජනබලවේගය කරපු දේට අපි ශාප කරනවා. ඔවුන් බලයට ආවේ පවතින ක්‍රමයේ වෙනසක් ඇති කරන බවට පොරොන්දු දීලා. නමුත් ඔවුන් අනුගමනය කරන්නෙත් මීට පෙර සිටපු අය බව පෙනෙන්නට තියෙනවා” මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසීය.