
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රථම වරට පැවැති දීපව්‍යාප්ත වනසත්ත්ව සංගණනය සාර්ථකව නිමකර ඇති බවත්, ඒ සඳහා වැය වූ මුදල රු. මිලියන 2.7ක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ (කෘෂි තාක්ෂණ) හේමන්ත අමරසිංහ ජනමාධ්‍ය හමුවේ පැවසුවේ, සමීක්ෂණය සඳහා එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට වැයවූයේ ශත 30ක් පමණක් බවයි.
සමීක්ෂණය සඳහා වූ සම්පූර්ණ වියදම පිටු දෙකකින් පමණක් සාරාංශගත කළ හැකි බව ද ඔහු පැවසුවේය.
වියදම් මූලික වශයෙන් වැයවූයේ දීප ව්‍යාප්තව නිවෙස් වෙත බෙදාහරින පත්‍රිකා මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම සඳහා වන වියදම බව ද ඔහු පැහැදිලි කළේය.
රජයේ මුද්‍රණාලය විසින් පත්‍රිකා මිලියන හතක් මුද්‍රණය කරන ලද අතර ඒ සඳහා වැය කර ඇති මුදල රු. 2,478,000 කි.
ඉතිරි මුදල් දිස්ත්‍රික්ක 25ක් පුරා ද්‍රව්‍ය බෙදාහරින ලද වාහන හතරක් සඳහා ඉන්ධන ගාස්තු වෙනුවෙන් භාවිතා කරන ලද අතර ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම සඳහා පොදු ප්‍රවාහනය භාවිතා කර තිබේ.
කෘෂි සංවර්ධන අතිරේක ලේකම් ආර්.ඩී.චිත්රානයන සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඉහළ සාක්ෂරතා අනුපාතයක් පවතින රටක් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල ස්මාර්ට්ෆෝන් භාවිතය සීමා සහිත බවයි.
එබැවින් පදිංචිකරුවන්ගෙන් දත්ත රැස්රීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස පත්‍රිකා නිකුත් කිරීම තෝරාගෙන තිබිණි.
මාර්තු 15 වන දින පවත්වන ලද එම වන ත්ව සංගණනයට, රිළවුන්, වෙනත් වඳුරු විශේෂ, දඬු නුන් සහ මොණරුන් වැනි වන සතුන් මෙන්ම විශේෂයෙන් ගොවිබිම්වලට ගොස් වගා හානි සිදුකරන සතුන්ගේ ගණන් කිරීම සහ වාර්තා කිරීම සිදුකෙරිණි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ.එල්.සන්දික පවසන පරිදි, මෙරට රිළවුන් මිලියන 5.17 ක්, අනෙකුත් වඳුරන් මිලියන 1.74 ක්, දඬු ලේනුන් මිලියන 2.66 ක් සහ මොණරුන් මිලියන 4.24 ක් පමණ වාසය කරන බව අනාවරණය වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම සත්ත්ව ගහණයක් වාර්තා වී ඇති අතර කෑගල්ල, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ද ඉහළ සත්ව ගහනයක් වාර්තා වී ඇත.
අඩු සත්ව ගහණයක් වාර්තා වී ඇත්තේ යාපනය, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලය.
එමෙන්ම පොළොන්නරුව, හම්බන්තොට සහ අනුරාධපුරය වැනි ආගමික වශයෙන් වැදගත් නගරවල වැඩි රිළා ගහණයක් පවතින බව අනාවරණ වී තිබේ.
රිළවුන් වැඩි වශයෙන් වාර්තා වන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ය.
මේ අතර කුරුණෑගල, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල දඬුලේනුන් සහ මොණරුන් විශාල ප්‍රමාණයක් සිටින බව අනාවරණ වි තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart