
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සමාවක් මුවාවෙන් අනුරාධපුර බන්ධනාගාරයෙන් අක්‍රමවත් ලෙස සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බරපතළ කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබේ.
නිසි නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය නොකර සමාව ලබා දී ඇති බවත්, ආයතනික අක්‍රමිකතා සහ බන්ධනාගාර පද්ධතියේ අභ්‍යන්තර පාලනයන්හි බිඳවැටීමක් පිළිබඳ සැක මතු කරන බවත් එම ලිපියෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත.
එවැනි නිල සමාවක් නිකුත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පැහැදිලි කර ඇති බව එහි සඳහන් විය.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ, අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
නීතියේ ආධිපත්‍යය පැවතිය යුතු බව අවධාරණය කරන එම සංගමය, ඕනෑම වැරැද්දකට වගකිව යුතු අයට එරෙහිව විනය හෝ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart