
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ නිල්-කහ මැකෝ කුරුල්ලකු සොරකම් කිරීමෙන් පසු අමතර ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටීමට සත්වෝද්‍යානයේ පරිපාලනය තීරණය කර තිබේ.
රුපියල් 500,000 කට වඩා වටිනා නිල්-කහ මැකෝ ජුනි 4 වැනි දින රාත්‍රියේ සොරකම් කර තිබිණි.
අසල වෙළඳසැලක CCTV කැමරා දර්ශන මගින් සොරකම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයකු අල්ලා ගන්නා ලදී.
ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ පැවසුවේ දැනට ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා ඇති බවත්, එය අනුමත කාර්ය මණ්ඩලයට ගැළපෙන බවත්ය.
කෙසේවෙතත්, ඔවුන් සියලු දෙනාම එකවර රාජකාරියේ යෙදී නොමැති බවත්, පවතින ආරක්ෂක සැකසුම ශක්තිමත් කළ යුතු බව පැහැදිලි බවත් ඔහු පැවසීය.
“සමස්ත ආරක්ෂක විධිවිධාන වැඩිදියුණු කිරීමට අපි සැලසුම් කරනවා. රාජකාරි සහ මාරුවීම්වල ස්වභාවය අනුව අනුමත ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 12 ක් වුවත් තවත් කාර්ය මණ්ඩලයක් ගෙන්වා ගැනීම අවශ්‍ය බව අපි තේරුම් අරන් ඉන්නේ. එම නිසා, ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතනයකින් උදව් ඉල්ලා සිටීමට අපි තීරණය කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
සත්වෝද්‍යාන නිලධාරීන්ට අනුව, අදාළ සොරකම සිදුවන අවස්ථාවේ කුරුළු කුටියේ නිල් – කහ මැකෝ සතුන් 30ක් සිට ඇත.
පසුදා උදෑසන රාජකාරියට වාර්තා කරන විට කූඩුවේ අගුල කැඩී ඇති බව සත්වෝද්‍යාන පාලකයා දැකීමත් සමග ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු, කුරුල්ලකු අතුරුදහන් වී ඇති බව තහවුරු කර තිබිණි.
පසුව සත්වෝද්‍යාන ආරක්ෂක නිලධාරියකු විසින් දෙහිවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කරන ලදී.
2021 අගෝස්තු මාසයේදී, එම කූඩුවෙන්ම තවත් මැකෝ කුරුල්ලකු අතුරුදහන් වී තිබූ අතර පසුව රත්මලානේ නිවසක සිටියදී කුරුල්ලා සොයා ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart