
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කරමින් එක් රාජ්‍ය සමාගමක් පිහිටුවීම සඳහා 2023‑11‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එවකට පැවැති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධ කර සමාගම් පනත යටතේ රාජ්‍ය සමාගමක් පිහිටුවීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එහෙත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැත.
කෙසේවුවද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එකිනෙකට වෙනස් තාක්ෂණයන් භාවිත කිරීම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට අවශ්‍ය වීම, ඒවායේ සම්ප්‍රේෂණ කුළුණු විවිධ ස්ථානවල පැවතීම හේතුවෙන් ඒකාබද්ධ කිරීම අපහසු වීම ආදී හේතූන් මත එකී ආයතන ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බව මේ වන විට හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තවදුරටත් ස්වකීය අනන්‍යතාව සහිත වෙන්වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස විධිමත් උපායමාර්ගික ව්‍යාපාරික සැලැස්මක් ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගනිමින් පවත්වාගෙන යෑම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart