
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස ඊයේ (10) ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ අන්තර්ජාතික භූගෝලීය තොරතුරු මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූස ගමේ ප්‍රධානීන් සහ හූ ජෝ නගරයේ උප නගරාධිපති ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡාවක්ද සිදුකර ඇත.
විශේෂයෙන් නවීන තාක්ෂණයද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.
එමෙන්ම ගම්මනයේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබාදෙන බව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධාරණය කර ඇත.
වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිනීත් අනුගමනය කිරීම අනිවාර්ය බවද, ගම්මානයේ ජනතාව එම පරාමිනීත් නිසි ලෙස අනුගමනය කරමින් වගා කටයුතු සිදුකරන බවද එහිදී අනාවරණය වී තිබේ.
වුස ගම පිළිබඳ කරන ලද මෙම අධ්‍යනයේදී ගමක් ලෙස ඉතා දියුණු සංවර්ධනයක් අත්පත් ඇති බවත් විනය, පිළිවෙල පවත්වාගෙන යෑමට සමත් වී ඇති බවත්, එය චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රමීය සංවර්ධනය සඳහා යොදාගත හැකි බවත් මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර ඇත.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් ඇතුළු පිරිසක් එක් වී සිටි අතර හූ ජෝ නගරයේ උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදෙශිකයේ උප ගරාධිපතිනිය වන ෂී මින්ලී, වුස ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart