
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සමාව ලබාදීමේ නීතිමය ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වා දෙන්නේ, ඊට අදාළ නීතිය කඩකරන ඕනෑම අයෙකුට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි.
ජනාධිපති සමාව සඳහා අනුමත වූ රැඳවියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව නොතිබුණු අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකු නිදහස් කර ඇති බවට වාර්තා වූ සිද්ධියක් මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනාත්මක තත්වයකට ලක්ව තිබේ.
මේ අනුව අදාළ නීතිමය ප්‍රතිපාදනවල යම් වෙනසක් කිරීමට රජය සලකා බලයිද යන්න පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්යක්ෂ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර පවසා ඇත්තේ, එලෙස සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ජනාධිපති සමාව යටතේ නිදහස් කළ හැක්කේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇති අය පමණක් බවත්, එම ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට සියලු බලධාරීන් බැඳීසිටින බවත් එය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
වත්මන් ක්‍රියාවලිය යටතේ බන්ධනාගාර අධිකාරීවරුන් විසින් ජනාධිපති සමාව ලැබීමට සුදුසු සිරකරුවන්ගේ නම් නිර්දේශ කරනු ලබන අතර, ඒවා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය හරහා අවසන් අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලැබේ.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart