
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුප්‍රකට TikTok තරුවක් ලෙස සැළකෙන කාබී ලේම් අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් රඳවා තබාගැනීමෙන් පසු එක්සත් ජනපදයෙන් පිටව ගොස් තිබේ.
සංක්‍රමණ නීති උල්ලංඝනය කළ බව පවසමින් ඉතාලියේ පුරවැසියෙකු වන 25 හැවිරිදි Seringe Khabane Lame ජූනි 6 වනදා අමෙරිකාවේ නෙවාඩා හි ලාස් වේගාස් හැරී රීඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රඳවා තබා ගත් බව ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් ප්‍රකාශයට පත්කළේය.
ඊට හේතු ලෙස වාර්තා වුණේ, ලේම් ඔහුගේ වීසා බලපත්‍රයේ කොන්දේසි කඩකර ඇති බවයි.
අනතුරුව ඔහුට ස්වේච්ඡාවෙන් අමෙරිකාවෙන් පිටව යෑමට අවස්ථාව හිමිවූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ මිලියන 160 කට අධික අනුගාමිකයන් සමඟ TikTok හි වැඩිම අනුගාමිකයන් සිටින පුද්ගලයා ලෙස ලේම් වාර්තාව තබා ඇත.
සෙනගලයේදී උපත ලැබූ ලේම් කුඩා කාලයේදීම ඉතාලියට සංක්‍රමණය වී ඇති අතර, 2022 අගෝස්තු මාසයේදී ඔහුට ඉතාලි පුරවැසිභාවය හිමිවිය.
කොවිඩ් වසංගතය හමුවේ රැකියාවෙන් ඉවත් කිරීමෙන් පසු ලේම් TikTok ඔස්සේ නිහඬ හාස්‍යජනක වීඩියෝ බෙදාගැනීමට පටන් ගෙන තිබිණි.
අමෙරිකාවේ රඳවා තබාගැනීමෙන් පසුව ද ලේම් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනීසිට ඇති නමුත්, ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart