
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික කතුවරයෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කර ඇති ‘The Seven Moons of Maali Almeida’ නවකතාව වෙනුවෙන් ආසියානු සාහිත්‍යය සඳහා වන 8 වැනි Émile Guimet ත්‍යාගය හිමිව තිබේ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, ගයිමෙට් කෞතුකාගාරය විසින් ප්‍රංශ සාහිත්‍ය ත්‍යාගය ෂෙහාන් කරුණාතිලක වෙත පිරිනමා ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ‘The Seven Moons of Maali Almeida’ Xavier Gros විසින් 2024 දී ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර තිබේ.
අනතුරුව එම ග්රන්ථයට Musee Guimet ත්‍යාගය හිමිවිය.
Guimet කෞතුකාගාරයේ සභාපති Yannick Lintz ප්‍රකාශයක් නිකුත් කරමින්, කෘතියේ ‘විශ්වීය මානයේ සාහිත්‍ය සොයාගැනීම’ සහ එහි ලිවීමේ නූතනත්වය සහ රැඩිකල්වාදය අගය කර ඇත.
ෂෙහාන් කරුණාතිලකගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාවට 2022 වසරේ කීර්තිමත් බුකර් ත්‍යාගය ද හිමිවිය.
ඔහුගේ ක්‍රිකට් තේමා කරගත් පළමු නවකතාව වන ‘Chinaman: The: the Legend of Pradeep Mathew’ට 2012 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ග්රන්ථ ත්‍යාගය, දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC ත්‍යාගය සහ 2008 දී Gratiaen ත්‍යාගය ද හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart