
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ජුනි 11 සිට 13 දක්වා ජර්මනියේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම ජර්මානු සංචාරය සිදුකෙරේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
විදේශ අමාත්‍යාංශයට අනුව, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාවත් කෙරෙහි අවධානය යොමුකිරීම එම සාකච්ඡාවල අරමුණ වනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන හැකියාව සහ දෙරට අතර නව වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමේ අවස්ථා ඉස්මතු කිරීම සඳහා ජර්මනියේ ප්‍රධාන කර්මාන්ත සමඟ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සංසදයේ මුලසුන ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දරනු ඇත.
එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් ද හමුවීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම ජර්මානු සංචාරයට එක්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart