
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට රජයේ නිලධාරීන් සහ Samsung Heavy Industries සමාගම අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
පුහුණු විදේශ රැකියා ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් එම සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ Samsung Heavy Industries හි ගෝලීය මානව සම්පත් කළමනාකරු ජොග්සම් කිම් (Jongsam Kim) අතර දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති හමුවකදී මෙම සාකච්ඡා පවත්වා තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ, කොරියාවේ ප්‍රමුඛතම කාර්මික සහ ඉංජිනේරු සමාගමක් ලෙස Samsung Heavy Industries ශ්‍රී ලංකාව ඇතුළු දක්ෂ විදේශීය වෘත්තිකයන් පිළිගන්නා අංශවල වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි.
සම්බන්ධීකරණ මෙහෙයුම් සහතික කිරීම සඳහා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී මැදිහත්වීම සමඟ විදේශ රැකියා ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
ඵලදායි, විනිවිදභාවයෙන් යුතුව සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් ගොඩනඟාගැනීමට එක්ව කටයුතු කරන බැවින් Samsung වැනි ප්රමුඛ කොරියානු කර්මාන්ත හවුල්කරුවන් සමඟ පවතින සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart