
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහාධිකරණ නඩු විභාගයේදී පැනවූ වසර 20ක සිරදඬුවමට එරෙහිව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.
2014 වර්ෂයේදී කැරම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් විසින් අද (09) ඔහුගේ දඬුවමට එරෙහිව අභියාචනය ගොනුකරන ලදී.
පසුගිය 29 වැනි දින, කොළඹ මහාධිකරණ නඩු විභාගයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 ක සිරදඬුවමක් සහ ලංකා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට වසර 25 ක සිරදඬුවමක් නියම කරන ලදී.
2015 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා උපකරණ ආනයනය කිරීම හා සම්බන්ධ දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට මෙලෙස සිරදඬුවම් නියම විය.
අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවෙන් හිටපු අමාත්‍යවරුන් දෙදෙනා හට රුපියල් මිලියන 53ක් අයථා ලෙස පරිහරණය කළ බවට එලෙස චෝදනා එල්ලවිය.
එනම් 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 53.1 ක් පාඩු ලැබීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart