
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) මොහාන් ලාල් සිරිවර්ධන අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.
ඔහු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සේවය කර ඇත.
ඊට අමතරව, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් පසු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පහළොස්දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර හෝ නව පත්වීම් ලබා දී තිබේ.
පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර අම්පාර කොට්ඨාශයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාරු කර ඇති අතර, සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ටී. අනුරංග ගල්කිස්ස කොට්ඨාශයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාරු කර ඇත.
සහකාර පොලිස් අධිකාරී බී.එල්.ඒ. ප්‍රසන්න ඇල්පිටිය කොට්ඨාශයේ සිට නුගේගොඩ කොට්ඨාශයට මාරුකර ඇති අතර, සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.පී. දීප්ති කුමාර ඒ වෙනුවට පත්කර යවා ඇත.
පහත සඳහන් නිලධාරීන් ද මාරු කර යවා ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක J.D.D.C. ජයකොඩි – බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති සිට බදුල්ල කොට්ඨාශය දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක W.D.K.C. නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාශයේ සිට බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක R.P.C.U. රාජපක්ෂ – මානව සම්පත් කළමනාකරණ අංශයේ සිට උඩවලව පොලිසියේ ස්ථානාධිපති දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක B.P.L. ප්‍රනාන්දු – ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක සිට මඩකලපුව කොට්ඨාසය දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක K.M.D.N.D. කන්නන්ගර – ඩෙල්ෆ්ට් පොලිසියේ ස්ථානාධිපති සිට ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක K.W.C.N. අබේනාරායන – අංකුඹුර පොලිසියේ ස්ථානාධිපති සිට ඩෙල්ෆ්ට් පොලිසියේ ස්ථානාධිපති දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක S.S.K. රත්නායක – අංකුඹුර පොලිසියේ ස්ථානාධිපති සිට මාතලේ කොට්ඨාසයේ ස්ථානාධිපති දක්වා
ප්‍රධාන පොලිස් පරීක්ෂක D.G.S. විජේසිංහ – නවකුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති සිට ගම්පහ කොට්ඨාසය දක්වා
පොලිස් පරීක්ෂක M.H.N. තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති තනතුර දක්වා
පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන්. සිරිපති – මීගමුව කොට්ඨාශයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුර දක්වා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart