
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොස් ඇන්ජලීස් නගරයට ජාතික ආරක්ෂක භටයන් කැඳවීම හමුවේ නගරය දැඩි ව්‍යාකූලතාවකට පත්ව ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හමුවේ ඊයේ විරෝධතා ප්රචණ්ඩත්වයක් ගෙන තිබූ අතර, විරෝධතාකරුවන් රථවාහන ගිනිතබා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබිණි.
ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, පවතින තත්වය හමුවේ ඇතැම් කුලී රථ සේවා ලොස් ඇන්ජලීශි සිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
නගරයේ සිටින අනවසර සංක්‍රමණිකයන් වැටළීමේ මෙහෙයුම්වලට විරෝධය පළකරමින් ඉකුත් සතියේ ලොස් ඇන්ජලීස් හි මෙහෙයුම් සිදුකෙරුණු අතර ඊට එරෙහිව ජනතාව වීථි බැස විරෝධතාවයේ නිරත විය.
විරෝධතාවල තෙවැනි දිනයේදී නගරයේ ආරක්ෂාව තරකිරීමට ට්‍රම්ප් ජාතික ආරක්ෂක භටයින් කැඳවීම ජනතාව අතර කෝපයට හා බිය ගෙනදුන් කරුණක් විය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කියාසිටියේ, සංක්‍රමණ වැටළීම්වලින් පසු දෙවැනි දින විරෝධතා අතරතුර ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් ආරක්ෂකයන් පෙළපාලිකරුවන් සිය ගණනක් සමග ගැටුණු බැවින් ජාතික ආරක්ෂක භටයන් 2,000 ක් යොදවන බවයි.
විරෝධතාවට එක්ව සිටි ඇතැම් පිරිස් මෙක්සිකානු ධජ රැගෙන සිටි බව ද වාර්තා වේ.
මේ අතර ට්‍රම්ප්ගේ ක්‍රියාව හිතාමතා නගරයට ගිනි ඇවිලවීමක් බව කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පැවසුවේය.
එහෙත් ට්‍රම්ප් පැවසුවේ, නගරාධිප්තිවරයාට හෝ ආණ්ඩුකාරවරයාට ඔවුන්ගේ රාජකාරී සිදුකිරීමට නොහැකි නම් එවිට ෆෙඩරල් රජය මැදිහත් වී ගැටලු, කැරලි සහ කොල්ලකෑම් විසඳිය යුතු ආකාරයෙන් විසඳනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart