
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක යුක්තිය ඉටුකිරීමට නම් දූෂණයෙන් තොර බන්ධනාගාර පද්ධතියක් අත්‍යවශ්‍ය බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
එම කමිටුව රජයෙන් ඉල්ලා සිටින්නේ, අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස භාවිත කරන බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසයි.
වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් පිරිසකට ලබාදුන් ජනාධිපති සමාව මුවාවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියකු ආන්දෝලනාත්මක ලෙස මුදාහැරීමේ සිද්ධියෙන් අනතුරුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව පවසා ඇත.
එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා උපුටා දක්වමින් The Daily Morning පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම සිදුවීම බන්ධනාගාර පද්ධතිය තුළ දිගුකාලීනව පවතින ගැටලුවක් පෙන්නුම් කරන බවයි.
ජනාධිපති සමාවට යටත්ව නිදහස් කිරීමට අවසර නොලබන රැඳවියෙකු නිදහස් කිරීමේ ක්‍රියාවලිය හසුරුවා ඇත්තේ දූෂිත නිලධාරීන් බවට ද ඔහු චෝදනා කරයි.
“සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිසි පැහැදිලි කිරීමක් කර නැහැ. ඔවුන් පවසා ඇත්තේ සමාව ලබා දී ඇත්තේ විශේෂ කිසිවකුට නොවන බවයි, නමුත් මෙම නිශ්චිත රැඳවියාගේ නම අනුමත ලැයිස්තුවේ තිබේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබා දී නැහැ. නීතියට පටහැනිව වැඩකිරීමට මුදල් ලබාගන්නා නිලධාරීන් විසින් බන්ධනාගාර පාලනය කරන්නේ නම් යුක්තිය පසිඳලීමේ පද්ධතියක් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව රජය පියවර ගත යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
බන්ධනාගාර නිලධාරීන්ට වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බව ද ඔහු පෙන්වාදෙයි.
“ඇතැම් රැඳවියන් බන්ධනාගාර රෝහලේ අනවශ්‍ය ලෙස රඳවා තබාගැනීම සඳහා රුපියල් ලක්ෂ ගණන් අල්ලස් ගෙන මුදල් හුවමාරු වන බවට කලක සිට වාර්තා වී තිබෙනවා. මේ වන විටත් රෝහල් වාට්ටුවට ගෙනයාමට රැඳවියන් ඉන්නවා. අධි ආරක්ෂිත බන්ධනාගාර තුළදී පවා ජංගම දුරකථන සොයාගන්නවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ බන්ධනාගාර තුළ මෙම දූෂණය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්නයි.” ඔහු පවසයි.
2022 දී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක් ගැන සඳහන් කරමින් නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, මෙම අක්‍රමිකතා බොහොමයක් හඳුනාගෙන ඇති නමුත් පසුගිය පාලනයන්ගෙන් ඊට නිසි පියවරක් ගෙන නොමැති බවයි.
මෙම අක්‍රියතාව දූෂිත නිලධාරීන් තවත් ධෛර්යමත් කර ඇති බව ද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart