
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන තිප්පු සුල්තාන් ((PNS) Tippu Sultan) සහ ඉන්දීය නාවික හමුදාවේ වගිර් (INS Vagir) සබ්මැරීනය සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී ඇත.
‘INS Vagir’ යනු මීටර් 67.5 ක් දිග 60 දෙනෙකගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත සබ්මැරීනයක් වන අතර, එහි අණදෙන නිලධාරී නිලධාරි දිවාකර් එස්.ගේ අණ පරිදි අද(19) උදැසන කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
අන්තර්ජාතික යෝගා දිනය නිමිත්තෙන් ‘INS Vagir’ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය මණ්ඩලය බටහිර නාවික විධානයේදී යෝගා වැඩසටහනකට සහභාගී වීමට නියමිතව ඇත.
එසේම, සබ්මැරීනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පිරිසක් එහි සංචාරය කිරීමට නියමිතය.
‘INS Vagir’ 2023 ජුනි 22 දින නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත් වේ.
මේ අතර, පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘Tippu Sultan’ නෞකාව ඊයේ(18) කොළඹ වරායට සේන්දු වී තිබේ.
PNS ‘Tippu Sultan’ යනු මීටර් 134.1 ක් දිග යුධ නෞකාවක් වන අතර, එහි 168 දෙනෙකගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ඇත.
කපිතාන් ජාවෙඩ් හුසේන්(Jawwad Hussain Ti ) එහි අණදෙන නිලධාරියා වේ.
සිය නිල සංචාරය නිමා කරමින් PNS ‘Tippu Sultan’ ජූනි 20 දින දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර, කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සමඟ ගමන් අභ්‍යාසයක (PASSEX) නිරත වීමට අපේක්ෂා ද කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart