
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිමේ තරග හෙට(18) ආරම්භ විමට නියමිතය.
ආරම්භක තරගය සිම්බාබ්වේහි හරාරේදී පැවැත්වෙන අතර එහිදි සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරග වදිනු ඇත.
හෙට පැවැත්වෙන දෙවන තරගයේදි තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම්ය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන තරගය අනිද්දා එක්සත් එමීර් රාජ්‍යය සමග පැවැත්වේ. එය බුලවායෝහිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 තරගය ආරම්භ වීමට නියමිතය.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ මුළික වටයේ තරග ලබන 27වැනිදා දක්වා පැවැත්වෙයි.
සුපිරි හය දෙනාගේ වටය ලබන 29 වනදා සිට ලබන ජූලි මස 07 වනදා දක්වා සහ අවසන් මහ තරගය ජුලි 09 පැවැත්වීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart