
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට 2017 වසරේ දී සාපරාධී බිය ගැන්වීමක් සිදුකළ බවට චෝදනා ලබා ඇති, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබේ.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ පිළිගැනීමේ නිලධාරිනියක් ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනෙක් සාක්ෂි ලබාදී ඇත.
ජාතික ගීය ගායනා කරන විට සහ භාවනා වැඩසටහන් පැවැත්වෙන විට විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙසට හිටපු පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව සාක්ෂිකරුවන් පිළිගෙන තිබේ.
ඒ අනුව, වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 23 දිනට කල් තබා ඇත.
2017 අප්‍රේල් 11 වැනි දින එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, විදුලි සෝපාන ක්‍රියාකරුට විදුලි සෝපානය තුළ දී අසභ්‍ය වචනයෙන් බැන වැදී කරපටියෙන් අල්ලා පහරදීමට තැත් කළා යැයි කියන පැමිණිල්ල 2019 ජුනි 02 වැනිදා එවකට වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර තිබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart