
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රියැදුරු බලපත්‍ර ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනකින් ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ ප්‍රකාශ කරයි.
දෙපාර්තමේන්තුවට දැනට මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් මිලියන 200ක් වැය වන බවත්, එම මුද්‍රණ කටයුතු පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය කළමනාකරණය කරන පෞද්ගලික ආයතනයේ මුද්‍රණ යන්ත්‍ර නව මුද්‍රණ කටයුතු සඳහා භාවිත කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අනාවරණය කරයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට එකී පෞද්ගලික ආයතනය එකඟ වී ඇත්තේ, එක් රියැදුරු බලපත්‍ර කාඩ්පතක් රුපියල් 150කට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart