
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ වයස අවුරුදු 01 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ අය බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නලින් ආරියරත්න පාසල් සිසුන් සැළකිවයුතු ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවයි.
රිජ්වේ ආර්යා රෝහලේ (LRH) අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසන්නේ, මේ වන විට ළමුන් 30 කට වැඩි පිරිසක් තම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මීට අමතරව, පසුගිය වසරට සාපේක්ෂව ළමුන් අතර ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත්, එබැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව 2023 වසරේ රෝගීන් 43,346ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් (9,638ක්) වාර්තාවී ඇත.
(Dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart