
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පුද්ගලයන් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි එක්සත් ජාතීන් අනාවරණය කර තිබේ.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණ වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට අධික වන අතර, ඉන් සියයට 33ක් මේ වන විට දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි ද එම අධ්‍යනයෙන් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන වැඩිම පිරිස ජීවත් වන්නේ බස්නාහිර,මධ්‍යම සහ ඌව යන පළාත්වලය.
ඊට අමතරව නැගෙනහිර, වයඹ සහ උතුරුමැද යන පළාත්වලද ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් විශාල සංඛ්‍යාවක් සිටින බව අදාළ අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.
මේ අතර, මෙරට පවුල් ලක්ෂ 37ක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇති බව ද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇතැයි, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරයි.
රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවාගැනීමේ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බවත්, ඇතැම් පවුල් දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර ඉතා අඩු වටිනාකම් සහිත පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමට පෙළඹී ඇත.
ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතුරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවන අතර, ආහාර සුරක්ෂිතතා දර්ශකයේ මේ වන විට ශ්‍රී ලංකාව පසු වන්නේ 79 ස්ථානයේය.
තාවකාලික සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart