
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුන් වහන්සේගේ 2569 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අද අලුයම සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් දහස් ගණනක් සැදැහැවතුන් බුද්ධගයාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානය ලෙස සැළකෙන බුද්ධගයාව වෙත මල් රැගෙන පැමිණෙන සැදැහැවතුන්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම වසරේ බුද්ධ ජයන්ති සැමරුම මැයි 11 සිට 13 දක්වා පැවැත්වේ.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, බුද්ධගයාව පුරා දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.
නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම නිරීක්ෂණය කිරීම සඳහා CCTV නිරීක්ෂණ සහ ශක්තිමත් පොලිස් ආරක්ෂාවක් ස්ථාපිත කර ඇත.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මහාබෝධි විහාරය වෙසක් උත්සවය වෙනුවෙන් විදුලි පහන් සහ මල්වලින් සරසා තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ජපානය, මියන්මාරය සහ භූතානය වැනි රටවල සැදැහැවතුන් සාම්ප්‍රදායික පූජාවන් සිදු කරමින් නිහඬව භාවනා කරන අයුරු ද දැකගත හැකි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart