
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එපික් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සංවර්ධනය කරන ලද මෘදුකාංග ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පද්ධතිය සඳහා භාවිතය නතර කිරීම වෙනුවෙන් අතුරු නියෝගයක් ඉල්ලා වෛද්‍ය සෙල්ලදුරෙයි රමේෂ් කුමාර සහ නදී අචල දිවාක දොන් හෙට්ටිගේ විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජුනි 9 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
මහජන යහපත පිණිස ගොනු කර ඇති පෙත්සම මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට භාවිත කරන මෘදුකාංගය දත්ත ආරක්ෂාවට සහ පොදු සම්පත්වලට අවදානම් ඇති කරන බවට චෝදනා කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අතීත දත්ත කඩ කිරීමක් පිළිබඳ ගැටලු පෙත්සම්කරුවන් විසින් උපුටා දක්වා ඇති අතර මෘදුකාංගයේ බලපත්‍ර ලබාදීම හා සම්බන්ධ බව කියන දූෂණ හා මහජන මුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ගැටලුමතු කර ඇත.
පසුගිය මැයි 8 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලද නඩුවේදී, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිවරයා පමණි.
එපික් ලංකා, එහි විධායක සභාපති නයන දෙහිගම, විදේශීය සමාගම් කිහිපයක් සහ රජයේ නිලධාරීන්ගණනාවකට සහ අමාත්‍යවරුන් ඇතුළු අනෙකුත් සියලුම වගඋත්තරකරුවන්ට දැනුම්දීම් සිදුකරන ලෙස ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart