
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 මැයි 09 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු කළයුතුව තිබියදී, පොලිස් නිලධාරීන් 73දෙනකු සිය රාජකාරිය පැහැර හැර ඇතැයි අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි සභාවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ, පොලිස් ස්ථානාධිපතිවරුන් 35 දෙනෙකුට එරෙහිව සිදුකරන පරීක්ෂණවලට බාධාවක් නොවන පරිදි ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.
ඇමැතිවරයා හෙළිකළ තොරතුරුවලට අනුව රාජකාරි පැහැර හැර ඇති බවට හඳුනාගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරුන් 62 දෙනෙකුට සහ පරීක්ෂකවරුන් 6 දෙනකුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙයි.
පසුගිය වසරේ මැයි මස 09 වැනිදා මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ දේපළවලට පහරදීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා කියා සිටියේ ඔවුන්ට එරෙහිව වෙනම විමර්ශන සිදුකරන බවයි.
“ඇතැම් ප්රහාරකයන්ගෙන් ගණිකා මඩම් පවත්වාගෙන යෑම වැනි වෙනත් වැරදි සිදු කර ඇති බවද අපට අනාවරණය වී ඇති අතර ඒවා පිළිබඳවද වෙනම පරීක්ෂණ පවත්වනු ලැබේ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart