
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
TikTok වෙත යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 530 (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 600) ක දැවැන්ත දඩයක් මුදලක් පනවා තිබේ.
ඒ, චීනයේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ByteDance සතු සමාගම, යුරෝපීය පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත නීතිවිරෝධී ලෙස චීනයට යොමුකරන බව සොයා ගැනීමෙන් අනතුරුවය.
ඒ අනුව TikTok සිය පරිශීලකයන්ගේ දත්ත චීන බලධාරීන් වෙත ලැබීමෙන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇතැයි යුරෝපා සංගමය චෝදනා කරයි.
AFP ප්රවෘත්ති ඒජන්සියේ වාර්තාවකට අනුව, මෙම දඩය යුරෝපීය සමූහයේ දත්ත ආරක්ෂණ බලධාරීන් විසින් මෙතෙක් නිකුත් කර ඇති විශාලතම දඩවලින් එකකි.
යුරෝපයේ TikTok හි ප්රධාන නියාමකයා ලෙස කටයුතු කරන අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම හෙළිකළේ, TikTok පරීක්ෂණයේදී එය ඇත්ත වශයෙන්ම යුරෝපීය පරිශීලක දත්ත චීන බලධාරීන්ට ලබා දී ඇති බව පිළිගෙන ඇති බවයි.
TikTok සමාගම පැවසුවේ මෙම තීන්දුවට විරුද්ධ වන අතර, එය දැඩි ලෙස පාලනය කළ සහ සීමිත දුරස්ථ ප්රවේශය ලබාදීම සඳහා යුරෝපා සංගමයේ නීතිමය රාමුව භාවිත කර ඇති බවයි.
තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද TikTok සූදානම් වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart