
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයෙන් සජීවී ආක්‍රමණශීලී ජලජ ජීවීන් 3,500 කට අධික සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනඒමට ගත් උත්සාහයක් ව්‍යර්ථවී ඇති අතර, එවා රටට ඇතුළු වුවහොත් දේශීය පරිසර පද්ධතියට භයානක ලෙස බලපානු ඇති බව වාර්තා වේ.
ඊයේ උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම නීතිවිරෝධී භාණ්ඩ සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, රේගු ජෛව විවිධත්වය, සංස්කෘතික සහ ජාතික උරුම ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකසහිත බෑග් සමඟ මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පරීක්ෂාවවට ලක්කර ඇත.
මෙම මගීන් පෙරවරු 10.30ට පමණ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 403 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
මගීන් අතර වයස අවුරුදු 31 සහ 26 අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 22 ක තරුණියක සිට තිබේ.
රේගු ප්‍රකාශක, සීවලි අරුක්ගොඩ පැවසුවේ, නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද ජලජ සතුන් වඩාත් භයානක හා ආක්‍රමණශීලී වර්ග ලෙස වර්ගීකරණය කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ජල මාර්ග හෝ පරිසර පද්ධතිවලට මුදාහැරියහොත් දේශීය ජීවි විශේෂවලට බරපතල බලපෑමක් ඇති කළ හැකි බවත්ය.
එවැනි සතුන් රට තුළට ගෙනඒමේ මෙම උත්සාහය පිටුපස ඇති චේතනාව නිලධාරීන් තවමත් හඳුනාගෙන නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ද්‍රව්‍ය සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart