
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව පාකිස්ථාන ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාව වසාදමා තිබේ.
ඒ, පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් යානා සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව වසාදැමීමෙන් දින 06 කට අනතුරුවය.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ, දෙරටේ අර්බුදය උත්සන්න වීමත් සමග නව දිල්ලිය පාකිස්ථානයට අයත් සහ ක්‍රියාත්මක වන සියලුම ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාව වසාදමන බව නිවේදනය කර ඇති බවයි.
“පාකිස්ථානයේ ලියාපදිංචි ගුවන් යානා සහ පාකිස්ථාන ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන හෝ බදු දී ඇති ගුවන් යානා සඳහා ඉන්දියානු ගුවන් අවකාශය ලබාගත නොහැක. මේවාට හමුදා ගුවන් ගමන් ද ඇතුළත් වේ.” ඉන්දියාව නිවේදනය කර ඇත.
පාකිස්ථානයට සම්බන්ධ ත්රස්තවාදීන් පිරිසක් විසින් සංචාරකයන් 26 දෙනකු ඝාතනය කරමින් ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ආතතීන් උත්සන්න වීම මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.
ඒ හමුවේ දැනටමත් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වී ඇති අතර පාකිස්ථානය ඉන්දියාවේ හමුදා ක්‍රියාමාර්ගයක් ගැන බියෙන් පසුවෙයි.
එබැවින් පාකිස්ථාන ගුවන් යානා සිය ගුවන් ගමන්වලදී කෙසේ හෝ ඉන්දීය ගුවන් සීමාව මගහරින ලදී.
එහෙත් ඉන්දියාවේ නිල නිවේදනයත් සමඟ, ඔවුන් කැමති වුවද එහි ගුවන් ගමන් සඳහා අවසර නොලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart