
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේ පැවැත්වෙන විරුදින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා රුසියාවට නොපැමිණෙන බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඊට හේතුව ලෙස වාර්තා වන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර උද්ගත වී ඇති අර්බුදයයි.
“ඉන්දියාවේ නායකයා රුසියාවට නොපැමිණෙනු ඇත, විරුදිනයේදී ඉන්දියාවේ ඉහළම මට්ටමේ නියෝජනයක් සිදුනොවනු ඇත” යනුවෙන් රුසියානු නියෝජිත දිමිත්‍රි පෙස්කොව් හේතු දැක්වීමකින් තොරව පවසා ඇත.
මැයි 9 වැනි දිනට නියමිත නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය සනිටුහන් කිරීමේ රුසියානු විරු සැමරුම් උත්සවය සඳහා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් මෝදිට ආරාධනා කළ බව අප්‍රේල් මස මුලදී ඉන්දීය විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබිණි.
අමාත්‍යාංශය පැවසුවේ,ඉන්දියාවේ සහභාගීත්වය පිළිබඳ නිවේදනයක් නියමිත වේලාවේදී ප්‍රකාශයට පත්කරන බවයි.
කෙසේවෙතත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එම උත්වසය සඳහා සහභාගී වන බව මීට පෙර ඉන්දියාව තීරණය කර තිබිණි.
එම සංචාරය අවලංගු වී ඇත්දැයි මෙතෙක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart