
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කරන ලද නව තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා ඉන්දියාවට පැමිණි අමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් හමුවිය යුතුව තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ඉන්දියාවේ රැඳීසිටියදී උප ජනාධිපති වෑන්ස් සමඟ අවම වශයෙන් පැයක හෝ සාකච්ඡාවක් සූදානම් කර ගැනීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කළ යුතුව තිබූ බවයි.
කොළඹ පැවැති උත්සවයක් අමතමින් මේ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවා ඇති නවතම තීරුබදු දේශීය සමාගම්වලට විශාල බලපෑමක් ඇතිකරන බවයි.
එබැවින්, රජය එමගින් එල්ල වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ එහිදී පවසයි.
එමෙන්ම නව ඇමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ඇමෙරිකානු විශේෂ වෙළෙඳ නියෝජිත වෙත යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පමණක් බවද හිටපු ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ තීරුබදුවලට අදාළ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් සිය රටට ගෙන්වා ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමත් වූ බැවින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැහැදිලි වෙනසක් පවතින බවයි.
ශ්‍රී ලංකාවට සහ දේශීය සමාගම්වලට සහාය දීමට තමන් කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර පෙන්වාදුන් බැවින් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාශීලීව ක්‍රියාකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා අමතා සහාය පළකළ බව පැවසූ රනිල් වික්‍රමසිංහ, වැඩිදුරටත් පවසන්නේ, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා නව තීරුබදු දේශීය සමාගම්වලට ඇතිකරන බලපෑම අවම කිරීමට වත්මන් රජයට හැකිවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart