
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස තුනහමාරකට ප්‍රමාණවත් පරිදි ඉකුත් අප්‍රේල් 12 වැනිදා මෙරටට ඉන්සියුලින් ගෙන්වා ඇතැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
එමෙන්ම එළඹෙන සති දෙකක කාලය තුලදී තවත් මාස 02 කට ප්‍රමාණවත් ඉන්සියුලින් මෙරටට ආනයනය කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
රජය විසඳුම් ලබාදෙමින් සිටින්නේ, පෙර පැවැති ආණ්ඩු ඖෂධ ආනයනයේදී මතුකර ගත් ගැටළු සඳහා බව ඇමැතිවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව මෙම ගැටළු සමාලෝචනය කර ඖෂධ ඇනවුම් කළ ද, ටෙන්ඩර් පටිපාටිය අනුව එම ඖෂධ ලැබීමට මාස 06 සිට මාස 09 ක කාලයක් ගත වන බවත්, එම කාලය තුලදී ආධාර සහ රටවල් අතර වන එකඟතා අනුව ඖෂධ හිමිවන බවත් ඔහු පැවැසීය.
එමෙන්ම ඖෂධ හිගය සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය වාර්තා මගින් පළකෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart