
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැවැති ආණ්ඩුව යටතේ ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය වසරේ සිව්වන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ සීග්‍ර වර්ධන වේගයක් පැවැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය වසර දෙක තුළ පැවැති පාලනය මෙරට ආර්ථිකය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා තිබූ බවයි.
එබැවින් වත්මන් ආණ්ඩුව එම වාසිය උපයෝගී කර ගනිමින් ආර්ථිකය දියුණු කිරිමට පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එහිදී සංවර්ධන වේගය පවත්වා ගෙන යාම, උද්ධමනය පාලනය කිරීම, රුපියල ශක්තිමත් කිරීම යන සාධක භාවිත කර දේශීය ආයෝජන ශක්තිමත් කිරීම, දේශීය ආයෝජකයින්ට විදේශ තාක්ෂණය හඳුන්වා දීම හෝ ආයෝජකයින් මෙන්ම තාක්ෂණය ද විදේශීය වශයෙන් මෙරටට ගෙන්වා ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
වර්තමානයේදී විරෝධතා හෝ වැඩවර්ජන නොමැතිව රට ගෙන යා හැකි ආණ්ඩුවක් පවතින බැවින් ආයෝජන ඉහළ නැංවීම සිදු කළ හැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart