
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝමයේ Santa Maria Maggiore දේවස්ථානයේ පිහිටි, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් කර තිබේ.
තනි, සුදු රෝස මලක් එම සොහොන් ගැබ අසල තබා ඇති අතර පාප්වහන්සේ එම පදවිය දැරූ කාලය තුළ උන්වහන්සේ හැඳින්වූ නාමය වන “Franciscus” යන්න ලතින් භාෂාවෙන් සොහොන් ගලෙහි ඉතා සරල අයුරින් සටහන් කර තිබේ.
එය ඉදිකිරීමට භාවිත කර ඇති කිරිගරුඬ, ආජන්ටිනා ජාතිකයකු වූ පාප්වහන්සේගේ ඉතාලි මුතුන්මිත්තන්ගේ නිවහන වූ වයඹදිග ඉතාලි ප්‍රදේශයේ ලිගුරියාවෙන් ලබාගෙන ඇත.
සොහොන් ගැබට ඉහළින් මදක් ආසන්නයෙන් සුදු පැහැ කුඩා බල්බයකින් ආලෝකය ලබා දී තිබේ.
ඉතාලි අගනුවර පිහිටි ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක් වන Santa Maria Maggiore හි ස්වර්ගස්ථ වූ පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇත.
එය උන්වහන්සේ පාප්වහන්සේ ලෙස කටයුතු කළ කාලය තුළ නිතිපතා පැමිණි දේවස්ථානයකි.
මෙම සියලු කටයුතු සිදුකෙරුණේ පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කැමැත්තට අනුවය.
88 වැනි වියෙහි පසුවූ උන්වහන්සේ ආඝාතය සහ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්වයක් හමුවේ ඉකුත් සඳුදා ස්වර්ගස්ථ විය.
ඉන් අනතුරුව කතෝලික ප්‍රජාවට අවසන් ගෞරව දැක්වීම සඳහා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබූ පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ විශේෂ අවමංගල්‍යය උත්වයකදී සිදු කෙරිණි.
ඒ සඳහා ලොව පුරා කිතුනුවෝ දෙලක්ෂ 50,000ක පමණ පිරිසක් මෙන්ම ලෝක නායකයෝ රැසක් ද සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart