
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇති බවත් ඒ සඳහා වන ලිපිගොනු සකස් කරමින් පවතින බවත් වාර්තා වේ.
කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරන්නේ, එම කමිටුවෙන් ආනාවරණය වන දූෂිත කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමේ පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බවය.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පවසන කෝප් සභාපතිවරයා, එලෙස ලිපිගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත්කර ගන්නා බවද ප්‍රකාශ කරයි.
කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත්, පෙර කමිටු රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපති සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝප් විමර්ශන යන දිනවලට සහභාගී කරවාගෙන, කොප් විමර්ශනවලදී අනාවරණය වන දූෂිත කරුණු සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට යෝජනා වී තිබිණි.(Lanka Truth)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart