
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි ඉරාන වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි දැවැන්ත පිපිරීමක් හා ඉන් අනතුරුව හටගත් ගින්නකින් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඉරාන රේගු අධිකාරිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ රටේ වරාය සහ සමුද්‍රීය සංවිධානයට අනුබද්ධ සිනා බහාලුම් අංගනයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි.
ටෙහෙරානයේ සිට වාර්තා කරන අල් ජසීරා හි ජනමාධ්‍යවේදී ටොහිඩ් අසාඩි ඉරාන රාජ්‍ය ජනමාධ්‍ය උපුටා දක්වමින් පවසන්නේ, තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා ඇතැයි මේවනවිට වාර්තා වී ඇති බවයි.
කෙසේවෙතත් පිපිරීම සිදුවූ අංගනයේ දැවෙන සුළු ද්‍රව්‍ය ගබඩා කිරීමේදී නොසැලකිලිමත්භාවයක් පවතින බව මූලික වාර්තා පෙන්වා දී ඇතැයි ද ඉරාන රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානයේ Hormozgan පළාතේ අර්බුද කළමනාකරණ සංවිධානයේ අධ්යක්ෂ Mehrdad Hassanzadeh රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් වෙත මාරුකර ඇති බවයි.
ආරක්ෂක නිලධාරීන් මීට පෙර සිද්ධිය වූ ස්ථානයට ගොස් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ද ඔහු පැවැසීය.
පිපිරීමෙන් පසු ඉරානයේ ජාතික තෙල් නිෂ්පාදන පිරිපහදු කිරීමේ සහ බෙදාහැරීමේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ප්‍රදේශයේ තෙල් ගබඩාවලට පිපිරීමෙන් බලපෑමක් නොමැති බවයි.
“Shahid Rajaei වරායේ පිපිරීම සහ ගින්න මෙම සමාගමට සම්බන්ධ පිරිපහදු, ඉන්ධන ටැංකි, බෙදාහැරීමේ සංකීර්ණ සහ තෙල් නල මාර්ගවලට සම්බන්ධයක් නැත” යනුවෙන් සමාගම පවසයි.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ පිපිරීම සිදුවූ ප්‍රදේශයෙන් විශාල කළු දුමාරයක් සහ ගිනි දැල් නැඟෙන අයුරුයි.
අනෙකුත් වීඩියෝවල ගොඩනැගිලි සහ වාහනවලට හානි සිදුවී ඇති අයුරු දක්නට ඇත.
ප්‍රදේශය අවට කිහිප දෙනෙකු ද තුවාලකරුවන්ට උපස්ථාන කරමින් දේපළවලට සිදු වූ අලාභ පරීක්ෂා කරමින් සිටිනු දක්නට ලැබිණි.
ඉරානයේ ෂාහිඩ් රාජෙයි වරාය ප්‍රධාන වශයෙන් බහාලුම් ගමනාගමනය හසුරුවන අතර තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් ද එහි ස්ථාපිත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart