
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ‘බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය’ විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉදිරිපත් කර ඇති පෙත්සමේ නියෝගය නිකුත් කිරීම දිල්ලි මහාධිකරණය කල්තබා තිබේ.
සිය පෙම්වතා වන බන්ධනාගාරගතව සිටින සුකේෂ් චන්ද්‍රසේකර් නමැත්තාගෙන් මිල අධික සුඛෝපභෝගී ත්‍යාග ලබාගැනීමේ චෝදනාව මත ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
ඇය සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහි චෝදනා අවලංගු කරන ලෙසයි.
ඉන්දීය පුවත් වාර්තාවලට අනුව, විනිසුරු අනිෂ් දයාල් ප්රමුඛ විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේම කරුණු විමසීමෙන් අනතුරුව තීන්දුව කල්තබා ඇත.
ජැකලින් වෙනුවෙන් පෙනීසිට ඇත්තේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සිද්ධාර්ත් අගර්වාල් වේ.
බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් විශේෂ නීතීඥ සොහෙබ් හොසේන් පෙනීසිට ඇත.
නඩු විභාගයේදී ජැක්ලීන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් තර්ක කර ඇත්තේ, මෙම චෝදනාවට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනකු අතර මුදල් බෙදාහැර ඇති බවට බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශ කරන්නේ නම්, ඊට සම්බන්ධ සියලු දෙනා මුදල් විශුද්ධිකරණයට වැරදිකරුවන් ලෙස සැලකිය හැකි බවයි.
එමෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයකු වීම යනු අපිරිසිදු අරමුදල් පිළිබඳ පූර්ව දැනුමක් තිබීම නොවන බවත්, සුකේෂ්ට ජැකලින් මුණගැසුණේ ව්‍යාපාරිකයෙකු ලෙස බවත් නීතීඥවරයා පවසා තිබේ.
එමෙන්ම ව්‍යාපාරිකයන්ට බොහෝ විට නඩු කිහිපයක් පවතින බවත්, ජැක්ලීන් ප්‍රසිද්ධ තැනැත්තියක් වීම හේතුවෙන් මෙම චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart