
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාවහන් පැළඳීමෙන් තොරව රටවල් කිහිපයක් වෙත සංචාරය කරමින් පාගමනින් වඩින වියට්නාම බෞද්ධ භික්ෂුවකට ශ්රී ලංකාව තුළ සිය චාරිකාවේ නිරතවීම මෙරට බලධාරීන් විසින් තහනම් කර ඇතැයි rfa(රේඩියෝ ෆ්රී ඒෂියා) පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව එම භික්ෂූන් වහන්සේ ශ්රී ලංකාව තුළ පා ගමන නවතා සිට ගමනාන්තය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇත.
rfa වාර්තාව මෙසේය.
‘මීට මාස හතරකට පෙර වියට්නාමයේ සිට රටවල් කිහිපයක චාරිකාවක් සඳහා පිටත්ව ගිය තිච් මින් ටු නමැති භික්ෂූන් වහන්සේගේ මෙරට සංචාරය සහ පා ගමන ශ්රී ලංකා පොලිසිය විසින් නවත්වා ඇත්තේ උන්වහන්සේ මහජන සාමයට තර්ජනයක් ලෙස විස්තර කරමින් වියට්නාමයේ රජය විසින් අනුමත කරන ලද බෞද්ධ සංඝයා හෝ බෞද්ධ ආගමික සංගමයේ ලිපියක් උපුටා දක්වමින් බව වාර්තා වේ.
ස්වේච්ඡා සේවකයන් 10 දෙනෙකු ද ඇතුළත් එම භික්ෂූන් වහන්සේගේ පරිවාර කණ්ඩායමට කොළඹ ආසන්නයේ විහාරස්ථානයක තාවකාලිකව නවාතැන් ලබා දී ඇත.
විහාරස්ථානයේදී උන් වහන්සේ ඇතුළු පිරිසට අමුත්තන් හමුවීමට සහ ආහාර ලබාගැනීමට පමණක් අවසර ලබා දී ඇති නමුත්, ඔවුන්ගේ පා ගමන තහනම් කර ඇත.
සිය පා ගමන සඳහා අවසර හිමි නොවන බව දැන ගැනීමට ලැබුණු පසු එම පිරිස වහාම ඉන්දියාව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ අලුයම 5.00 ට පමණ තිච් මින් ටු භික්ෂුව ඇතුළු පිරිස ගුවන් යානයකින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ඔවුන් ඉන්දියාවේදී බුද්ධගයාව සහ තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.
තිච් මින් ටු නමැති එම භික්ෂුව පසුගිය වසරේ වියට්නාමයේ අන්තර්ජාල ඔස්සේ ප්රසිද්ධියට පත්විය.
එහිදී එම භ්ක්ෂුවගේ සරල ජීවන රටාව කැපීපෙණුනේ පාවහන් නොමැතිව ගමන් කරන බැවින් ය.
එහෙත් නිල වශයෙන් භික්ෂූන් වහන්සේ නමක් ලෙස පිළිගැනීමක් නොමැති නිසා එටට බලධාරීන් උන්වහන්සේට සලකන්නේ යම් සැකයකින් ය.
පසුගිය දෙසැම්බරයේදී භික්ෂුව තම මව්බිමෙන් පිටත් වූයේ ආසියානු රටවල් කිහිපයක් හරහා කිලෝමීටර් 2,700 ක දුරක් පා ගමනින් යාමටයි.
වියට්නාමයෙන් පිටව ගිය දා සිට එම භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායම ලාඕසය සහ තායිලන්තය හරහා ගමන් කර ඇති අතර, මියන්මාරයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගැටළු වලට මුහුණ දී තිබේ.
අනතුරුව උන්වහන්සේ මැලේසියාවට ගොස් අනතුරුව ශ්රී ලංකාවට පැමිණ උතුරට පා ගමනින් ගොස් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළුවීමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart