
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වගකීම පැහැරහැර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මෑතකාලීනව මෙරටින් වාර්තා වන මනුෂ්‍ය ඝාතන පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා පවසන්නේ, ඒ හමුවේ ආනන්ද විජේපාල එම අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
එමෙන්ම නීතිය හා සාමය භාර අමාත්‍යවරයා තම වගකීම ඉටුකර නොමැති බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
“ඕනෑම ඇමතිවරයෙක් දිවුරුම් දීමෙන් පසු තමාට පැවරී ඇති රාජකාරි ඉටු කිරීමට පොරොන්දු වෙනවා. ඊට අදාළ ආයතන ගැසට් කළ පසු තම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වගකීම ද එම අමාත්‍යවරයාගේ රාජකාරියට අයිතියි. එබැවින් වත්මන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා මෙම රාජකාරි පැහැර හැරලා තිබෙන්නේ. ඒක නිසා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි” පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
“පසුගිය සති කිහිපය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 31 ක් සිදුව තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකු පමණ ඝාතනය කර තිබෙනවා. දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු මිනිසුන් භයානක ලෙස ඝාතනය වෙමින් තිබෙනවා” යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා ඉකුත් දා ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් ද අදහස් පළකර ඇත.
ඔහු පැවසුවේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද වගකිව යුතු බවයි.
එමෙන්ම හිස් ආවරණ පැළඳ සිටින සෑම යතුරුපැදිකරුවෙකුම පරීක්ෂාවට ලක්කිරීම අපරාධ වැළැක්වීමට ඵලදායී ක්‍රමයක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart