
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ හිටපු කොන්ග්රස් සභික ජෝර්ජ් සැන්ටොස් ඔහුට එරෙහිව එල්ල වී තිබූ වංචා සම්බන්ධ චෝදනා සඳහා වරදකරු වී තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඔහුට වසර හතකට වැඩි සිරදඬුවම් නියම කර ඇති බවයි.
36 හැවිරිදි සැන්ටෝස් පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් අධිකරණයේදී තමන්ට එල්ල වූ චෝදනාවලට වරද පිළිගත්තේය.
ඒ අනුව අමෙරිකානු නඩු පවරන්නන් ඔහුගේ දඬුවම ලෙස මාස 87ක සිරදඬුවමක් ඉල්ලා තිබිණි.
කෙසේවෙතත් සැන්ටෝස්ගේ නීතිඥයන් ඉල්ලා සිටියේ, අනන්‍යතාව සම්බන්ධයෙන් සිදුකළ වංචා සඳහා අවම සිරදඬුවම ලෙස වසර දෙකක් ප්‍රකාශයට පත්කරන ලෙසයි.
නඩුපවරන්නන්ගේ ඉල්ලීම් සළකා බලා අධිකරණය ඔහුට එරෙහිව දඬුවම් ප්‍රකාශයට පත්කරන විට සැන්ටෝස් අධිකරණය තුළ හඬාවැටී තිබේ.
මෙම වංචා නඩුව හේතුවෙන් කොන්ග්රසයෙන් ඔහුව නෙරපාහරින ලද අතර, ඔහු ඔහුගේ පසුබිම පිළිබඳ ව්‍යාජ දත්ත ඉදිරිපත් කිරීමත්, ඔහුගේ ජීවන රටාවට මුදල් සපයා ගැනීම සඳහා මැතිවරණ ප්රචාරක අරමුදල් අනිසි ලෙස භාවිත කළ බවටත් සැන්ටෝස් ට චෝදනා වී තිබිණි.
සිකුරාදා උසාවියේදී හඬමින් සැන්ටොස් ඔහුගේ ක්‍රියාව ගැන සමාව අයැද සිටි බව වාර්තා වේ.
“මට අතීතය නැවත ලිවිය නොහැක, නමුත් මට ඉදිරි මාවත පාලනය කළ හැකිය.” ඔහු පවසා ඇත.
එහිදී නඩුව අධීක්ෂණය කළ විනිසුරුවරිය පවසා ඇත්තේ, ඔහු තේරී පත්වූයේ ඔහුගේ වචන වලින් බවත් ඒවායින් බොහොමයක් සාවද්‍ය බවත්ය.
සැන්ටොස් ඊයේම සිරමැදිරියට යොමුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart