
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද දහවල් දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.
විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සෑමවිටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳීසිටින බවද පවසා ඇත.
එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළාදකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර ඇත.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළකර ඇති ජනාධිපතිවරයා, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මණින් පහවී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart