
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය සමග උද්ගතවී ඇති වෙළඳ යුද්ධය නිරාකරණය කරගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අවධානයක් යොමුකර ඇතැයි පෙනෙන්නට තිබෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඒ හමුවේ චීනය ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටින්නේ, අමෙරිකාවට ඇතුළු කෙරෙන චීන භාණ්ඩ සඳහා පනවා ඇති විශාල තීරුබදු අවලංගු කරන ලෙසයි.
එහෙත් අමෙරිකාව සමග මෙතෙක් කිසිදු වෙළඳ සාකච්ඡාවක් සිදුනොවූ බව ද චීනය පවසයි.
එමෙන්ම තීරුබදු සම්බන්ධයෙන් සිය නවතම පළිගැනීමේ ක්‍රියාමාර්ගය ලෙස චීනය අමෙරිකාවෙන් ඇණවුම් කළ බෝයිං ගුවන් යානා ආපසු හරවා යවා ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
වෙළඳ යුද්ධය තීව්ර වීම හමුවේ ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් යළි සලකා බලමින් සිටින අතර, එහි ප්‍රතිපලයක් ලෙස මෙතෙක් චීන ආනයන සඳහා පනවා ඇති බදු සැළකිව යුතු ලෙස අඩුවනු ඇතැයි වාර්තා පළවේ.
එහෙත් එම බදු ශුන්‍ය නොවනු ඇත.
මේ අතරතුර වෙළඳ යුද්ධය සම්බන්ධයෙන් චීනය දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව, චීනයේ වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong පවසා ඇත්තේ, ප්රශ්නය විසඳීමට අමෙරිකාවට සැබෑ වුවමනාවක් පවතින්නේ නම් එක්සත් ජනපදය චීනයට එරෙහි සියලුම ඒකපාර්ශ්වික තීරුබදු පියවර ඉවත් කළ යුතු බවයි.
සාකච්ඡා මාර්ගයක් සඳහා ද අවතීර්ණ විය හැක්කේ එවැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ පමණක් බව ද චීනය පවසයි.
ඒ අනුව චීනය පවසන්නේ, සීනුව ගැට ගැසූ තැනැත්තා එය ලිහාදැමිය යුතු බවයි.
එමෙන්ම අමෙරිකාව සමග වෙළඳ අර්බුධය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇති බවට පළවන වාර්තා ද චීනය ප්‍රතික්ෂේප කරයි.
චීනය සහ අමෙරිකාව ගිවිසුමකට එළඹීම හෝ තීරුබදු සම්බන්ධයෙන් මෙතෙක් උපදේශන හෝ සාකච්ඡා පවත්වා නොමැති බවත් එවැනි වාර්තා අසත්‍ය බවත් චීනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart