
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030 වසර වන විට ඒකාබද්ධ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසා ඇත්තේ කලාපීය බලශක්ති පද්ධති ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවයි.
එම ට්විටර් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
“කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති අතර, 2030 වන විට ඉන්දියා-ශ්‍රී ලංකා ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික ආකෘති අවබෝධ කරගැනීමට ලෝක බැංකුව ලංවිමට සහාය වේ. ලෝක බැංකුවේ ප්‍රාදේශීය ඒකාබද්ධතා අධ්යක්ෂ, සිසිලි ෆ්රූමන් සහ රට කළමණාකරු, චියෝ කන්ද සමඟ බලශක්ති ඒකාබද්ධ කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සම්බන්ධ සැලසුම් පිළිබඳව ඊයේ සාකච්ඡා කරන ලදී.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart