
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාව සහ යුක්රේනය කඩිනමින් සාම ක්‍රියාවලියකට එකඟ නොවන්නේ නම් එහි මැදිහත්කරුවා යන භූමිකාවෙන් අමෙරිකාව ඉවත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේවෙතත් යුක්රේනය නිවේදනය කර ඇත්තේ මතභේදාත්මක ඛනිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ ලියවිල්ලකට අත්සන් කර ඇති බවයි.
“දැන් කිසියම් හේතුවක් නිසා පාර්ශව දෙකෙන් එකක් සාම ක්‍රියාවලිය අසීරු කරයි නම්, අපි මෙසේ කියන්නෙමු, ඔබ මෝඩයි. ඔබ මෝඩයෝ. ඔබ බිහිසුණු මිනිසුන්. අපි ඉවත්වෙනවා” ට්‍රම්ප් වොෂින්ටනයේදී වාර්තාකරුවන්ට පැවසීය.
“නමුත් මම බලාපොරොත්තු වෙනවා අපට එය කිරීමට සිදු නොවනු ඇතැයි කියා.” ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේය.
එහෙත් එක්සත් ජනපදය සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීමට උත්සාහ කිරීම නවත්වන්නේ කවදාද යන්න සඳහා නිශ්චිත දින ගණනක් ලබා දීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර නමුත් එකඟතාවකට ඉතා ඉක්මනට එළඹීමට අවශ්‍ය බව ද පැවසීය.
එහිදී මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා ඇත්තේ ඔහු පුටින් සමග සෙල්ලම් කරමින් සිටින්නේ ද යන්නයි.
කිසිවෙකු මා සමඟ සෙල්ලම් නොකරන බවත් තමා ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කරන බවත් ට්‍රම්ප් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart