
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාව පැනවූ බදු හමුවේ ගැටළුවක් පැනනැගී තිබුණ ද බංකොලොත්භාවයට පත්වී තිබෙන රට උපයෝගී කර ගනිමින් එම බාධක ජයගෙන යළි නැගීසිටිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පැනවූ නව ආනයන බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වෙමින් ය.
එම අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ සිදුකළ යුත්තේ සාකච්ඡා මාර්ගයකින් ගැටළුව කළමනාකරණය කරගැනීම බවයි.
සාකච්ඡා මාර්ගයක් ඔස්සේ එකඟතාවයකට එළඹ අමෙරිකානු ආනයන සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම ද වැදගත් බවත්, එක්සත් ජනපදය සමග ගනුදෙනු සිදුකිරීමේදී නව ප්‍රවේශයක් ලබාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ව්‍යාරික මනසකින් බැවින් අප නව ප්රවේශයකදී සකච්ඡා කළ යුත්තේ LNG වැනි විශාල ගනුදෙනු සම්බන්ධයෙන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒවා මැදපෙරදිගින් මිලදී ගැනීමට වඩා එක්සත් ජනපදයෙන් මිලදී ගන්නේ නම්, වෙළඳ පරතරය අඩුකර ගැනීමේ හැකියාව පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart