
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අවශ්‍යතාව පිළිබඳව යම් ප්‍රකාශයක් කළද, ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉන්දියාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් සළකා බැලීම ප්‍රතික්ෂේප කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
දෙරට සම්බන්ධ කරන ගොඩබිම් පාලමක් පිළිබඳව මුලින්ම සාකච්ඡා කරන ලද්දේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් 2002/2004 පාලන සමයේදීය.
2023 දී ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම ගොඩබිම් සම්බන්ධතාව සඳහන් විය.
කෙසේවෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නවදිල්ලි නුවරට කළ සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම මොහොතේ ආදාළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑයාම ප්‍රතික්ෂේප කළ බව ‘ඩේලි මිරර්’ ප්‍රකාශ කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, මෑතකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී මෙම කාරණය ශ්‍රී ලංකා න්‍යාය පත්‍රයේ සටහන්ව නොතිබිණි.
එහෙත්, ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර එක් අවස්ථාවක, අගමැති මෝදි දෙරට අතර ගොඩබිම් සම්බන්ධතාවය ගැන සඳහන් කර ඇත.
සංචාරයෙන් පසු ඔහු ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර, එම ගමනේදී යානයේ සිට පුරාණ කාලයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කළ රාම් සේතු(ආදම්ගේ පාලම) නිරීක්ෂණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart