
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ මූල්‍යාධාර ලබන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ණය ව්‍යාපෘතියක් දියත් කිරීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳා පවතින බව කොළඹ ජපාන තානාපති කාර්යාලය පැවසයි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ණය ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබාදුන්නේය.
මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය යහපාලන රජය සමයේදීය.
2020 සැප්තැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය අහෝසි කළේය.
පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමකදී ජපාන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, විනිවිදභාවයෙන්, සමාන ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සියලු ණයහිමියන් සමඟ ඉදිරියට ගෙන යෑම ශ්‍රී ලංකාවට වැදගත් බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරමින්, ණය ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න ජපානය සළකා බලනු ඇති බව තානාපති කාර්යාලය පවසයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart