
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග හම්බන්තොටදී අද (02) පැවැති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 50 අවසානයේ ලකුණු 268ක් ලබාගත්හ.
චරිත් අසලංක ලකුණු 91ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 51 ක් රැස්කළහ.
කලකට පසු එක්දින පිටියට පිවිසි ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 04ක දැවිගියේය.
ලකුණු 269ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් බිඳවැටී එම ඉලක්කය පසුකළහ.
එහිදී ඉබ්‍රහිම් සදරාන් ලකුණු 98ක් ලබාගත්තේය.
කසුන් රාජිත කඩුලු දෙකක් දවාගත් අතර මතීෂ පතිරණ සිය මංගල එක්දින තරගයේදි කඩුල්ලක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන දෙවන එක්දින තරගය අනිද්දා(04) පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart