
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම(LIOC) සතුව ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් ගැන කලබල නොවන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටී.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.
අවම ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සම්බන්ධයෙන් සමාලෝචනය කරන බවද ඇමැතිවරයා පවසයි.
“CPC සහ LIOC සතුව ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟය ගැන කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇණවුම් ලබානොදීම නිසා හිඟයක් නිර්මාණය වී ඇත. අලෙවි නියෝජිතයන් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය. අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස මම CPC වෙතින් ඉල්ලා සිටිමි.” යැයි ඇමැතිවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට වාහන පෝලිම් නිර්මාණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart